මීළඟ ශෂිකලා සිරිවර්ධන

යුනිෆෝම් එක පිටින් හවස තුනට විතර මහපාරෙ ක්‍රිකට් ගහන පොඩි කෙල්ලක්..

ඒකට කියන්නෙ උන කියල..

ආච්චි අම්මා බත් එකත් බෙදාගෙන බැන බැන පස්සෙන් එද්දි දුවගෙන ඇවිල්ල නියම ඉරියව්වෙන් පන්දු යවන කෙල්ලක්..

ඇහැලියගොඩ ඉංගිරිය මායිමේ කීනගහවිල ගමේ..

ක්‍රිකට් ගහන පින්තූරෙ දැම්මාම "මුගෙ පඩ ෂෝ" කියල කියන අය වෙනුවෙන් මේ කතාව..

ලංකාව ලෝක කුසලානෙ දිනල අවුරුදු විසි පහක්.. ඒ කාලෙ අපේ උන් හිස් අතින් ගිහිල්ල කලේ විප්ලවයක්.. අනිත් රටවල්වල උන් හීනෙකින්වත් නොදැක්ක අත දිග ඇරල තලන විදිහ ලෝකෙටම කියල දුන්නෙ අපේ උන්.. කොළඹ ප්‍රැක්ටිස් ඇවිල්ල සම්බෝල එක්ක පාන් කාපු කථා අපි අහල තියෙනවනෙ..

එහෙම ක්‍රීඩක පිරිසක් නිසා අපට වැළඳුනු ක්‍රිකට් උන අපෙන් පරම්පරා තුනකට පස්සෙ උපන් කෙලි පැංචියොන්ටත් තියෙනවා දකිද්දි, විකට් එකට නිල්කමල් පුටුවක් තියාගෙන පොල් පිත්තකින් බූල් ගැලවුනු ටෙනිස් බෝලෙකින් තේ ඉඩම් සහ ගෙවල් අතරෙ තියෙන පටු පාරක උන්ටික සෙල්ලම් කරනවා දකිද්දි, විකට් එක තරම්වත් උසනැති පොඩි එකෙක් විකට් රකිනවා දකිද්දි ඉන්න තැන අමතක වෙලා උන්ට සෙට් වෙන්න නොහිතෙන එකෙක් ඉන්නවනම් ඌට ලෙඩක්..

මැටිඋස්ල, කුසල් ⁣ෆෙරේරල, ඩික්වල්ලල එකතුවෙලා දැන් බඩහෝස්තරේට ගහන මැච් නොබැලුවට ඒ කාලෙ අපි ක්‍රිකට් අදහපු පොරවල්.. ඇත්නාවල සනිඅයියගෙ කඩේ ඉස්සරහ වෙලේ, නිවටුවෙ ඉස්කොලෙ පිට්ටනියෙ, වැලිගල්ලෙ වෙලේ, කෝන්ගොඩ හන්දියෙ ආතර්ගෙ වෙලේ, බාබුල් හසන් පිට්ටනියෙ ක්‍රිකට් ගැහුව විදිහ ගැන

Wipula Alankara

Mythri Wijesekara

Indika Chandimal De Silva

සාක්කි දේවි.. ජීවිතේ තිබුනෙ එතන..

ලංකාවෙ අපිට තියෙන්නෙ ක්‍රිකට් උන.. ඒකට වයස, කරන රස්සාව, තැන නොතැන අදාල නෑ..

හවස තුනටත් යුනිෆෝම් ඇඳගෙන කෑමවත් නොකා ක්‍රිකට් ගහන්න තරම් ක්‍රිකට් උන තියෙන මේ පොඩි කෙල්ල කවදහරි චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන වගේ රටට ආඩම්බරය ගේන තැනකට ගේන්න ඕනෙ නැතිද??

කාටහරි පුළුවන්ද මෙයාල වෙනුවෙන් ක්‍රිකට් බැට් එකක් අරගෙන දෙන්න

162126393 5461748457199435 4011387887522170792 n 
 162572266 5461748580532756 1271320793361967708 n

පොල්පිති ක්‍රිකට් කථාවේ දෙවන කොටස

Mahinda Deshapriya

සර් අනුග්‍රහය දක්වපු නිසා පොල්පිත්ත වෙනුවට ලොකු බැට් දෙකක්, පොඩි බැට් දෙකක්, විකට් කූරු සෙට් එකක්, බෝල ගොඩාක් එයාලට ලැබුනා.. ඊයෙ ගහපු පොල්පිති ක්‍රිකට් අද වෙද්දි වෙනස්වෙලා..

ළමා කාලය කියන්නෙ ජීවිතේ සුන්දරම කාලෙ.. ඒ කාලයෙ තමන් ආසම දේවල් එක්ක ඉන්න ලැබෙන එක සතුටක්.. එයාලට ඒ දේවල් දෙන එක පිනක්.. මහින්ද සර්ට ඒ පින අයිතියි..

(අද යද්දිත් පොඩි එකී යුනිෆෝම් එක පිටින් පොල්පිත්ත තියාගෙන ඉන්නවා අනිත් අය එනකල්.. )

163203805 5461748763866071 8769221954945881559 n 
 163123266 5461748887199392 8515811772348522304 n
 162725294 5461748643866083 1082718173236847286 n

ප්‍රාදේශිය මහ ලේකම්: එච්.සී.එන්.ධර්මපාල

News & Events

01
Jul2021
The second phase of SINOPHARM vaccination

The second phase of SINOPHARM vaccination

The second phase of SINOPHARM vaccination was...

01
Jul2021
Covid Vaccination Program

Covid Vaccination Program

The Covid Vaccination Program held at Wijenayake...

24
Mar2021
මීළඟ ශෂිකලා සිරිවර්ධන..

මීළඟ ශෂිකලා සිරිවර්ධන..

මීළඟ ශෂිකලා සිරිවර්ධන යුනිෆෝම් එක පිටින් හවස...

21
Feb2021
Eheliyagoda Divisional Coordinating Committee

Eheliyagoda Divisional Coordinating Committee

Eheliyagoda Divisional Coordinating Committee with the participation...

21
Feb2021
73rd Independence Day

73rd Independence Day

The proud 73rd Independence Day celebrations were...

21
Feb2021
Commencement of office duties in the 2021 New Year

Commencement of office duties in the 2021 New Year

Commencement of office duties in the 2021...

21
Feb2021
Sabaragamuwa Provincial Entrepreneur of the Year Awards 2020

Sabaragamuwa Provincial Entrepreneur of the Year Awards 2020

Dedicated to uplifting and guiding the entrepreneurs...

21
Feb2021
Sarana Yathra Housing Program

Sarana Yathra Housing Program

Through the supervision and donation of the...

21
Feb2021
Awareness campaign under the theme Defeat Corona

Awareness campaign under the theme Defeat Corona

Vasudeva Nanayakkara, Hon. Minister of Water Supply...

21
Feb2021
Village to house program

Village to house program

The house payment for Mr. Napawela's house...

21
Feb2021
Awareness program on Covid-19 virus

Awareness program on Covid-19 virus

Awareness program on Covid-19 virus in the...

21
Feb2021
2020 Parliamentary General Elections

2020 Parliamentary General Elections

Awareness discussion on Grama Niladharis of Eheliyagoda...

18
Jun2020
Covid 19 Environmental and Community Development of Ratnapura

Covid 19 Environmental and Community Development of Ratnapura

Improvement of Common Wealth Facilities in three...

18
Jun2020
dengue eradication program

dengue eradication program

A special dengue eradication program was held...

18
Jun2020
Discussion during the Coronavirus

Discussion during the Coronavirus

A special discussion was held at the...

Scroll To Top