ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ ජංගම සේවා වැඩසටහන 2019.08.20 දින පෙ.ව. 8.30 සිට දවසපුරා 139/B හේවායින්න ග්‍රාම නිලධාරී වසමේ හේවායින්න කන්ද විද්‍යාලයේදී පැවැත්විණ.
- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් වෛද්‍ය සායනය පැවැත්වීම
- ආයුර්වේද වෛද්‍ය සායනය
- උප්පැන්න විවාහ මරණ සහතික ලබාදීම
- ජාතික හැදුනුම්පත් ලබාදීම
- වැඩිහිටි හැදුනුම්පත් ලබාදීම
- ඉඩම් කච්චේරිය
- විදාතා සම්පත් මධ්‍යස්ථානය -යෝගට් හා පසු අස්වනු තාක්ෂණ පුහුණුව
- මනෝඋපදේශන වැඩසටහන්
- ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම
- පොලිස් පැමිණිලි ලබා ගැනීම හා වාර්තා ලබාගානීම
- බැංකු කටයුතු සඳහා උපදේශන පහසුකම් ලබාදීම
- පෞද්ගලික ආයතන රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම
- තරුණ තරුණියන් රැකියා ගත කිරීම සඳහා උපදෙස් ලබාදිම සහ මග පෙන්වීම
මෙම කටයුත්ත සඵල කරගැනීම සඳහා සහයෝගය ලබාදුන් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්තුමන් වන එච්.සී.එන් ධර්මපාල මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වන ඩබ්.එච්.ඒ.එන්.ටී ජයසිංහ මහත්මියද ඇතුලු සියලුම නිලධාරීන්ට ස්තූතිය පුදකර සිටිමු.





















