අපේ දැක්ම
මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීමත්, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලිය තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම අපගේ මෙහෙවර වන්නේය.හැඳින්වීම
පිහිටීම හා පරිපාලන පසුබිම

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වයඹ දිශානුගතව ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත.
මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 13950 ක් පමණ වන අතර ග්‍රාම නිලධාරී වසම් 44කින් යුක්ත වේ.තවද මෙහි ගම් 133ක් පිහිටා ඇත.
උතුරින්-කෑගල්ල දිස්ත්‍රික්කය හා කොළඹ දිස්ත්‍රික් මායිම්වද
දකුණින්-කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද
බටහිරින්-කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක ද
නැගෙනහිරින්-කෑගල්ල දිස්ත්‍රික් මායිම්ව ද පිහිටා ඇත.
භූ විෂමතාව
ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බටහිර දිගින් පිහිටි කරඳන,කලටුවාව,වෑවිල ප්‍රදේශ කදු සහිතය. සාමාන්‍ය උස මුහුදු මට්ටමේ සිට අඩි 800ත් අතර වේ.
දේශගුණය
සාමාන්‍යයෙන් තෙත් කලාපීය දේශගුණයකින් යුතු මෙම ප්‍රදේශයට මැයි සහ අගෝස්තු කාලයේ නිරිත දිග මෝසම් සුළඟ මඟිනුත් නොවැම්බර්,පෙබරවාරි, කාලයේ ඊසාන දිග මෝසම් සුළඟ මඟිනුත් වර්ෂාපතනය ලැබේ.
කොට්ඨාශයේ ප්‍රධාන ජල මාර්ගය ලෙස එල්ලාවල ගඟ,ගැටහැත්ත ඔය,කරඳන ඔය දැක්විය හැක.
මුළු මහත් ලංකාවාසීන්ටම මහඟු සම්පතක් වන ,කලටුවාව ජලාශය පිහිටා ඇත.
වර්තමානයේ ඇතැමෙකුගේ නොමනා ක්‍රියාකාරකම් නිසා වන පරිසර හානිය ඉතා ශීග්‍රෙයන් ව්‍යාප්තවීම හේතු කොට ගෙන මෙම ජල උල්පත්හි ජලය නියං කාලයෙහි ද ඉතා අඩු මට්ටමක පවතී.
භූමි පරිහරනය හා ඉඩම් භුක්තිය
මෙහි වැඩි වශයෙන් කෘෂි කර්මාන්තය මෙන්ම රබර් වගාව ද දැකිය හැකිය.වී ගොවිතැන වැඩි වශයෙන් කරන්නේ ද අඳ ගොවි ක්‍රමයට වන අතර තට්ටු මාරු ක්‍රමයට තමාගේම කුඹුරු වගා කරන්නෝ ද වෙති.තව ද වැඩි වශයෙන් රබර් වගාවට ද ප්රමුඛස්ථානයක් හිමිව ඇති අතර මීට අමතරව තේ,පොල් ආදී වගාවන් ද සිදු කර ඇත.ප්‍රදේශ වාසීන්ගෙන් වැඩි කොටසක් පරම්පරානුගතව ඉඩම් භුක්තියට හිමිකම් කියන අතර ඇතැම්හු රජයේ අනවසර ඉඩම් අල්ලා ගැනීම් කර තිබෙනු දක්නට ලැබේ.
ඓතිහාසික පසුබිම
ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඓතිහාසික පසුබිම පිළිබඳව විමසා බැලීමේදී නොයෙකුත් ජනප්‍රවාද රාශියකින් යුක්ත වේ.එහි ඉතිහාසය සීතාවක රාජධානිය කොට රජවූ පළමු වන රාජසිංහ රජසමය දක්වා දිව යයි.
පළමු වන රාජසිංහ රජතුමා නිතර වෙස් වලාගෙන සාමාන්‍ය මිනිසෙකු හැටියට රට පුරා ඇවිද රට වැසියන්ගේ දුක සැප තමන්ම සොයා බලා පිළියම් යෙදූ අභීත වීර පුරුෂයෙකු ලෙසින් ප්‍රචලිතය.
මෙසේ එක් දිනක් රට වැසියන්ගේ දුක සැප විචාරමින් වීදි සංචාරය කරන විට රෑ බෝ වූ බැවින් රාත්‍රිය ගත කිරීමට සුදුසු ස්ථානයක් සොයා ඇත.
මෙම ප්‍රදේශයේ ඇහැලමලී නමින් හැඳින්වූ රූමත් කාන්තාවක්ගේ නිවසේ රාත්‍රිය ගත කර ඇත.
රජතුමාට ඉතාමත් ඉහළින් ආගන්තුක සත්කාර කළ මෙම කාන්තාව කෙරෙහි පැහැදුන රජතුමා මෙම ප්‍රදේශය ඇහැලිගේ ගොඩැල්ල නමින් නම් කර ඇයට පවරා දුන් බව කියවේ.
පසු කාලයකඇහැලියගේ ගොඩැල්ලඇහැලියගොඩ වූ බව ඉපැරණි මතයයි.
ඇහැලියගොඩ යන නම නිර්මාණය වූ බව පැවසෙන තවත් එක් මතයක් නම් අතීතයේ මෙම ප්‍රදේශයේ ඇහැලමලී නමින් හැඳින්වූ කාන්තාවක් ජීවනෝපාය ලෙසින් රෙදි සෙදීම සිදු කළ බවයි.රෙදි සෝදා වියලීම සඳහා තරමන් උස් ස්ථානයකින් යුක්ත වූ ගොඩැල්ලක් භාවිතා කර ඇත.පසු කළෙක දුර ගමන් යන කරත්තකරුවන්ගේ ගමන් විඩාව සංසිදුවා ගැනීම සඳහා මෙම ස්ථානය නවාතැනක් ලෙස භාවිතා කොට ඇත.
එම ස්ථානයපසු කාලයකඇහැලිගේ ගොඩැල්ල ඇහැලියගොඩ වූ බව ජනප්රවාදයේ කියවේ.
විවිධ වූ අභියෝගයන්ට මුහුණ දෙමින් විවිධ ජයග්රහණයන් ලඟා කරගනිමින් මහජනතාවට වඩාත් ඵලදායී කාර්යක්ෂම සේවයක් සැපයීමට සමත් ජයග්‍රාහී යාන්ත්රනයක් අප සතු වේ.
මෙතෙක් සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරු
| නම | සිට | දක්වා |
| ඩබ්ලිව්.ඩී.ඩබ්ලිව්. අභයවර්ධන මහතා | 1972 | 1978 |
| කේ.එම්.ජී. බණ්ඩාර මහතා | 1978 | 1987 |
| ගාමිණි රොද්‍රිගෝ මහතා | 1987 | 1991 |
| එස්.ආර්.අමරතුංග මහතා | 1991 | 1992 |
| දයා පීරිස් මහත්මිය | 1992.08.03 | 1993.09.08 |
| ජේ.ජී. රත්නසිරි මහතා | 1994.05.27 | 1998.09.15 |
| මහින්ද සෙනෙවිරත්න මහතා | 1998.09.16 | 2000.06.05 |
| ටී.ජී. කුලසේන මහතා | 2000.06.08 | 2004.05.09 |
| ඩබ්ලිව්.පී. විජේරත්න මහතා | 2004.05.10 | 2006.02.01 |
| පී.එස්.ආර්.එම්. විජයරාජ මහත්මිය | 2004.05.10 | 2013.01.31 |
| ආර්.එච්.එස්. දිසානායක මහත්මිය |
2013.07.01 |
2018.06.01 |
| දිලිනි ධර්මදාස මහත්මිය (වැඩ බලන ) | 2018.06.16 | 2018.10.30 |
| එච්.සී.එන්. ධර්මපාල මහතා | 2018.11.01 | - |















