The second phase of SINOPHARM vaccination was successfully completed in Wilegoda, Mahingoda and Bulugahapitiya divisions on 30.06.2021.
![]() |
![]() |
![]() |
![]() |
ඇහැලියගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ජල සම්පාදන ගරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මැතිතුමාගේ ,හිටපු ගරු පලාත් සභා මන්ත්‍රීතුමන්ලාගේ,ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලාගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2021.02.12 දින ප.ව 2ට ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්විණ .
![]() |
![]() |
![]() |
![]() |
මීළඟ ශෂිකලා සිරිවර්ධන
යුනිෆෝම් එක පිටින් හවස තුනට විතර මහපාරෙ ක්‍රිකට් ගහන පොඩි කෙල්ලක්..
ඒකට කියන්නෙ උන කියල..
ආච්චි අම්මා බත් එකත් බෙදාගෙන බැන බැන පස්සෙන් එද්දි දුවගෙන ඇවිල්ල නියම ඉරියව්වෙන් පන්දු යවන කෙල්ලක්..
ඇහැලියගොඩ ඉංගිරිය මායිමේ කීනගහවිල ගමේ..
ක්‍රිකට් ගහන පින්තූරෙ දැම්මාම "මුගෙ පඩ ෂෝ" කියල කියන අය වෙනුවෙන් මේ කතාව..
ලංකාව ලෝක කුසලානෙ දිනල අවුරුදු විසි පහක්.. ඒ කාලෙ අපේ උන් හිස් අතින් ගිහිල්ල කලේ විප්ලවයක්.. අනිත් රටවල්වල උන් හීනෙකින්වත් නොදැක්ක අත දිග ඇරල තලන විදිහ ලෝකෙටම කියල දුන්නෙ අපේ උන්.. කොළඹ ප්‍රැක්ටිස් ඇවිල්ල සම්බෝල එක්ක පාන් කාපු කථා අපි අහල තියෙනවනෙ..
එහෙම ක්‍රීඩක පිරිසක් නිසා අපට වැළඳුනු ක්‍රිකට් උන අපෙන් පරම්පරා තුනකට පස්සෙ උපන් කෙලි පැංචියොන්ටත් තියෙනවා දකිද්දි, විකට් එකට නිල්කමල් පුටුවක් තියාගෙන පොල් පිත්තකින් බූල් ගැලවුනු ටෙනිස් බෝලෙකින් තේ ඉඩම් සහ ගෙවල් අතරෙ තියෙන පටු පාරක උන්ටික සෙල්ලම් කරනවා දකිද්දි, විකට් එක තරම්වත් උසනැති පොඩි එකෙක් විකට් රකිනවා දකිද්දි ඉන්න තැන අමතක වෙලා උන්ට සෙට් වෙන්න නොහිතෙන එකෙක් ඉන්නවනම් ඌට ලෙඩක්..
මැටිඋස්ල, කුසල් ෆෙරේරල, ඩික්වල්ලල එකතුවෙලා දැන් බඩහෝස්තරේට ගහන මැච් නොබැලුවට ඒ කාලෙ අපි ක්‍රිකට් අදහපු පොරවල්.. ඇත්නාවල සනිඅයියගෙ කඩේ ඉස්සරහ වෙලේ, නිවටුවෙ ඉස්කොලෙ පිට්ටනියෙ, වැලිගල්ලෙ වෙලේ, කෝන්ගොඩ හන්දියෙ ආතර්ගෙ වෙලේ, බාබුල් හසන් පිට්ටනියෙ ක්‍රිකට් ගැහුව විදිහ ගැන
සාක්කි දේවි.. ජීවිතේ තිබුනෙ එතන..
ලංකාවෙ අපිට තියෙන්නෙ ක්‍රිකට් උන.. ඒකට වයස, කරන රස්සාව, තැන නොතැන අදාල නෑ..
හවස තුනටත් යුනිෆෝම් ඇඳගෙන කෑමවත් නොකා ක්‍රිකට් ගහන්න තරම් ක්‍රිකට් උන තියෙන මේ පොඩි කෙල්ල කවදහරි චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන වගේ රටට ආඩම්බරය ගේන තැනකට ගේන්න ඕනෙ නැතිද??
කාටහරි පුළුවන්ද මෙයාල වෙනුවෙන් ක්‍රිකට් බැට් එකක් අරගෙන දෙන්න
|
![]() |
පොල්පිති ක්‍රිකට් කථාවේ දෙවන කොටස
සර් අනුග්‍රහය දක්වපු නිසා පොල්පිත්ත වෙනුවට ලොකු බැට් දෙකක්, පොඩි බැට් දෙකක්, විකට් කූරු සෙට් එකක්, බෝල ගොඩාක් එයාලට ලැබුනා.. ඊයෙ ගහපු පොල්පිති ක්‍රිකට් අද වෙද්දි වෙනස්වෙලා..
ළමා කාලය කියන්නෙ ජීවිතේ සුන්දරම කාලෙ.. ඒ කාලයෙ තමන් ආසම දේවල් එක්ක ඉන්න ලැබෙන එක සතුටක්.. එයාලට ඒ දේවල් දෙන එක පිනක්.. මහින්ද සර්ට ඒ පින අයිතියි..
(අද යද්දිත් පොඩි එකී යුනිෆෝම් එක පිටින් පොල්පිත්ත තියාගෙන ඉන්නවා අනිත් අය එනකල්.. )
|
![]() |
![]() |
ප්‍රාදේශිය මහ ලේකම්: එච්.සී.එන්.ධර්මපාල
අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ප්‍රාදේශීය මහ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදි.
![]() |
![]() |
![]() |
![]() |






























