කාන්තා හා ළමා කටයුතු සහ වියළිකලාප අමාත්‍යංශය හා ළමා ලේකම් කාර්යාල හා ලෝක බැංකු ආධාර යටතේ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය හරහා ආරම්භ කර ඇති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සේවාස්ථ දින 7ක පුහුණු වැඩමුළුව 2019/08/22,23,24 හා 2019/09/02,05,06,09 දින ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් මත මුල් ළමා විය සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලදි. ඒ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සියලුම දෙනා ඒ සඳහා සහභාගී වූ අතර වැමුළුව දින 7 අවසානයේ දී ගුරු මහත්මීන්ගේ දක්ෂතා එලිදක්වා විවිද ප්‍රසංග පවත්වන්නට යෙදුනි.
සාකච්ඡා කළ කරුණු අතර
- පෙර පාසල් දරුවන්ගේ කායික සංවර්ධනය
- චාලක සංවර්ධනය
- ප්‍රජනන සංවර්ධනය
- සමාජ සංවර්ධනය
- චින්තනමය සංවර්ධනය
- ගණිත කුසලතා සංවර්ධනය
- පරිසරය පිළිබඳ දැනුවත් බව
- භාෂා කුසලතා සංවර්ධනය
- මුල් කාලීන සාක්ෂරතා සංවර්ධනය
- ඉගෙනුම හා සංවර්ධනය
- දරුවන් තක්සේරු කිරීමේ වැඩසටහන
- විශේෂ අවශ්‍යතා සහිත පෙර පාසල් දරුවන්ට සහය වීය
ගුරු මහත්මීන් 52 ක් සාර්ථකව පාඨමාලාව නිමාකළ අතර වැඩ මුළුව අවසානයේ ඔවුන් සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි. මේ සඳහා උපදෙස් ලබාදුන් ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සැමටත් කාර්යාලයේ සමාජ සේවා ක්ෂේත්‍ර නිලධාරී සැමටත් ස්තූතිය ප්‍රකාශ කරමු.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |























