පින්තූර කතා මගින් ළමා ආරක්ෂාව පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන-2019.03.12
ළමා ආරක්ෂාව පිළිබඳව ප්‍රාථමික අංශයේ 4,5 ශ්‍රේණි දරුවන් 200 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා ආරක්ෂක නිලධාරිණී දිලානි විමලසේකර මහත්මියගේ මූලිකත්වයෙන් 2019-03.12 දින විලේගොඩ ර/විජේනායක විද්‍යාලයේදී පවත්වන්නට යෙදුණි.






ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2019.03.12
ප්‍රාදේශීය ලේකම් එච්.සී.එන්.ධර්මපාල මහතාගේ මූලිකත්වයෙන් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී.
මිටිහෙල ග්‍රාම ශක්ති ගම්මානය විවෘත කිරීම සම්බන්ධමිටිහෙල ග්‍රාම ශක්ති ගම්මානය විවෘත කිරීම සම්බන්ධප්‍රාදේශිය ලේකම් තුමාගේ පණිවිඩය
2014/2016 ඇති වු ගංවතුර හා නායයෑම් හේතුවෙන් ආපදාවන්ට ලක් වූ ජනතාවගේ ජීවිත වල ආරක්ෂාව සහතික කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ආපදා කළමනාකරණ වැඩසටහන් විවිධ අයුරින් ක්‍රියාත්මක කරන්නට යෙදුණි.
ආපදා හා සම්බන්ධ අවිනිශ්චිතතාව සැලසුම් සහගත ලෙස ප්‍රවේශ වීමේ දී අනුපිළිවෙලට සැකසුණු මානව ක්‍රියාකාරකම් යොදා ගැනේ.
උපායන් වශයෙන් ආපදා වෙනත් පාර්ශවයකට පැවරීම,මග හැරීම, එහි අහිතකර බලපෑම් අවම කිරීම හා සමහරක් ව්‍යවසනයන්ට මුහුණ දී එහි බලපෑම් සියල්ල හෝ කිහිපයක් බාර ගැනීම කළ හැක.මෙහි දී අපට කළ හැක්කේ අවදානම් අඩු කිරීමේ ක්‍රම හෝ එමඟින් සිදුවන පාඩුව අවම කිරීමට සැලසුම් සැකසීමයි.එහි දී අපට තිරසාර සංවර්ධන ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීමට යෑමේ දී ආපදාවන් මඟින් දිගින් දිගටම බාධාකාරී බලපෑම් ඇතිවෙමින් පවතී.
නමුත් සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී ඊට අනුගත වෙමින් ධනාත්මක සැලසුම් සකස් කිරීමට අපට හැකි නම්............. කාර්යාලයීය මට්ටමින් ආපදා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී දුක කියාගෙන එන මිනිසුන්ට කුසගිනි පුරවා උන්හිටිතැන් පවා අහිමි වූ ඒ සිත් වලට සෙවනක් වන්නට අපට හැකි වීම අප ලද භාග්‍යයකි.
නිරතුරුව වෙනස් වන දේශගුණික තත්වයන්, පාරිසරික පරිහානිය , දිළිඳුභාවය මදකට හෝ වෙනස් කරමින් ගංවතුර හා නායයෑම් හේතුවෙන් ආපදාවන්ට ලක් වූ ජනතාව හඳුනාගනිමින් රජයේ ඉඩම් බලපත්‍ර ලබා දෙමින්, සියලු ඉඩම් කොටස් මැන මායිම් ගල් දමා දීමනා පත්‍ර සකස් කරමින්, ඒ වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය මඟින් රු.ලක්ෂ පහක් ලබාදීමට කටයුතු සිදු කෙරුණි.
අවසානයේ දී සාර්ථක අයුරින් ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පැවරීම ප්‍රදේශයේ ජනතා පැතුම් ඉටුවන දිනය උදාවීම ගැන ප්‍රාදේශීය ලේකම් ලෙස මට ඇත්තේ බලවත් සතුටකි. මෙම දිනය උදාකරදුන් ගරු අමාත්‍යතුමන් ප්‍රමුඛ සැමදෙන වෙත මාගේ ස්තූතිය පුද කරමි.
එච්.සී.එන්.ධර්මපාල,
ප්‍රාදේශිය ලේකම්,
ඇහැලියගොඩ.
XLV වන ජාතික මහා ක්‍රීඩා උළෙල- ප්‍රථම අදියර
ප්‍රාදේශීය ලේකම් එච්.සී.එන්.ධර්මපාල මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.එච්.ඒ.එන්.ටී.ජයසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා උළෙල ඉරිදා (10) දවස පුරා දිවුරුම්පිටිය සමන් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පවත්වන්නට යෙදූණි.

පවත්වන්නට යෙදූණු තරඟවලදී සමස්ථ ශූරතාව ලැබීමට දිවුරුම්පිටිය සමන් ක්‍රීඩා සමාජය සමත්විය. එහිදී අනුශූරතාව හිමිකරගත්තේ තොරණගොඩ නෙත්සර ක්‍රීඩා සමාජය විසිණි.

සමස්ථ ශූරතාව -: දිවුරුම්පිටිය සමන් ක්‍රීඩා සමාජය

සමස්ථ අනුශූරතාව -: තොරණගොඩ නෙත්සර ක්‍රීඩා සමාජය

දක්ෂතම ක්‍රීඩකයා -: කිරිපෝරුව රන් දේදුනු ක්‍රීඩා සමාජයේ අයි.පී.කරුණාරත්න ක්‍රීඩකයා

දක්ෂතම ක්‍රීඩිකාව -: මාපොට සුහද ක්‍රීඩා සමාජයේ තාරුණී නිමංසලා ක්‍රීඩිකාව

Drug Abuse Program - 2019.02.11
Awareness Program on the Prevention of Drug Addiction organized by the foreign employment development officers of the Eheliyagoda Divisional Secretariat was held on 11.02.2011 at the Eheliyagoda estate, Economic Development Officer, Graduate Officer, Graduate Officials and other officers participated.Awareness Program on the Prevention of Drug Addiction organized by the foreign employment development officers of the Eheliyagoda Divisional Secretariat was held on 11.02.2011 at the Eheliyagoda estate, Economic Development Officer, Graduate Officer, Graduate Officials and other officers participated.



















